Blog එකට AD එකක් දාලා ගානක් හොයමුද?


බ්ලොග් එකේ නම මාරු කරාට පස්සේ දාන පලවෙනි Post එකෙන්  මම අද කියා දෙන්න හදන දේ ගොඩාක් වැදගත් වෙන්නේ  Web/Blog කරන පොරවල් වලට ඉතින් මම අද කියාදෙන්නේ ඔයාගේ Blog එකේ Ad එකක් පෙන්නලා සල්ලි හොයන ක්‍රමයක් ගැන ඉතින් මේ ක්‍රමයේදි ඔයාගේ Blog එකට එන Visitor කෙනෙකුට කිසිම බාදාවක් නොවෙන විදියට අපිට මේ වැඩේ කරගන්න පුලුවන්. හරි එහෙනම් මම මුලින්ම කියාදෙන්නම්කෝ කොහොමද මේ Ad දාන්නේ කියලා. ඔයාලා අහලා ඇති නේ Adsense ගැන අන්න එවාගේ වැඩක් තමා මෙතනදිත් සිද්දවෙන්නේ ඔයාගේ Blog එකට එන කවුරුහරි කෙනෙක් මේ අපි දාන Ad එකක් Click කරොත් අපිට ගානක් හම්බවෙනවා. පට්ටනේ… අනික තමයි Ad Views වලටත් ගානක් හම්බවෙනවා ඒ කියන්නේ Ad එකක් Click කරේ නැතත් අපිට පුන්චි ගානක් ලැබෙනවා. මෙකේ මම ඔයලාට අදුන්වලා දෙන්නේ ලංකාවේ Site 2ක් ඉතින්  එ හින්දා කිසිම අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්.අනික සල්ලි අතට ගන්නත් ලේසි Mcash,Ezcash වලින් ගන්න පුලුවන්.අනික තමයි මේ Site 2න් දාන්නේ ලංකාවේ Company වල Ad පමනයි ඒ හින්දා අනිත් රටවල් වල වගේ Spam ගොඩාක් අඩුයි.අපේ රටේ සංස්කෘතියට ගැලපෙන Ad තමයි තියෙන්නේ ඒ හින්දා Click වෙන්න තියන Chance එකත් ගොඩාක් වැඩි.

1.ADBOX.LK



මේ Site එක ගැන කිව්වොත් Adclick එකකට Rs 2-5 අතර ප්‍රමාණයකට ගෙවනවා තව Page Views වලටත් ගෙවනවා. මෙකේදි අපි මුලින්ම Register වෙලා Ad Unit හදන්න කලින් Website Address එක Site එකට දාලා Verfiy කරගන්න ඔනි. එක කරන්නේ මෙහෙමයි Website Address එක Site එකට දැම්මට පස්සේ ඉට එහාපැත්තේ තියෙන “ ? ” ලකුන උඩ Click කරපුවාම එන Html Code එක බ්ලොග් Template එකට Paste කරලා එක පාරක් Reload කරන්න එතකොට බ්ලොග් එකේ උඩින්ම වැටෙයි “ Your Website Confirmed” කියලා දැන් වැඩේ ටිකක් දුරට හරි ඉටපස්සේ  ඒ ගොල්ලෝ Site එක Manual බලලා ඔයාට mail එකක් එවයි. ඉටපස්සේ තමයි ඔයාට ad දාන්න පුලුවන් වෙන්නේ.



2.ADLINK.LK





මෙක හදලා තියෙන්නේ බහසා සමාගමෙන් එ හින්දා ඉතින් කතා දෙකක් නෑ සුපිරිම Site එකක් මෙකේදි Ad එකක්ට rs5 විතර ගෙවනවා.හැබැයි Page Views වලට ගෙවන්නේ නම් නෑ. Account එක Active උන ගමන් Ad දාන්න පුලුවන්. Adbox වල වගේ Verfiy කරන්න ඔනි නෑ.



දැන් බලමු Ads දාන හැටි….


මුලින්ම ඔය Site Site එකට ගිහිල්ලා Publisher කෙනෙක් විදියට  Register වෙන්න මෙකෙදි ඔයාගේ ඇත්ත විස්තර දෙන්න එතකොට සල්ලි ගන්න ලේසී. Register උනාට පස්සේ ඔයා දුන්න Mail එකේ Inbox එකට Mail එකක් ඇවිල්ලා ඇති එක Click කරලා Account එක Active කරගන්න ඔනි ඉටපස්සේ  Account එකට Log වෙලා  Create Adunit කියලා ඇති එතනින් Ad එකක් ඔයාට කැමති Size එකකට හදාගන්න ඉටපස්සේ  Ad Code එක Copy කරලා ඔයාගේ Blog Menu එකේ  Layout=>Add a Gadget=>Html/Java Script කියන තැනට Code එක Paste කරලා Save කරන්න.දැන් බලන්නකෝ Ad එක වැටිලා ඇති ගින්දර වගේ.